ශ්‍රී ලාංකේය බෞද්ධයන් භික්ෂුණී ශාසනය (භික්ෂුණී සංඝයා) හෙවත් කාන්තා බෞද්ධ ආරාමය පිහිටුවීම බිනර පෝය දිනයේ සිහිකරයි. බුදුන් වහන්සේගේ සුළු මව වන මහාපජාපති ගෝතමී පැවිදි වූ පළමු භික්ෂුණිය ලෙස සැලකේ.
ප්රජාතන්ත්රවාදී මහජන කොරියා ජන රජයේ ජාතික දිනය. (1948)
සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා ලොව පුරා කැපවීම සහ ක්‍රියාමාර්ග සැපයීම සඳහා දැනුවත් කිරීමේ දිනයක් ලෙස ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය සෑම වසරකම සැප්තැම්බර් 10 වන දින සමරනු ලබයි.
සෑම වසරකම සැප්තැම්බර් දෙවන සෙනසුරාදා දින ලෝක ප්‍රථමාධාර දිනය සමරනු ලැබේ. මේ වසරේ දිනය අද සැප්තැම්බර් 11 වන දින ලොව පුරා සමරනු ලැබේ. අනතුරු වළක්වා ගැනීමට සහ අවදානම් අවස්ථාවල දී ජීවිත බේරා ගැනීමට උපකාර වන ප්‍රථමාධාර පුහුණුව සඳහා පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා මෙම විශේෂ දිනය නිශ්චිත කොට ඇත.
වැදගත් පාරිසරික ගැටලුව කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීමට සහ ක්‍රියා කිරීමට අවස්ථාවක් ලබා දීම පිණිස ලෝක ඕසෝන් දිනය සමරනු ලබයි. "මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය ( Montreal Protocol ) - අපව, අපගේ ආහාර සහ එන්නත් සිසිල්ව තබා ගැනීම" යනු සැප්තැම්බර් මස 16 වැනි දිනට යෙදෙන මෙවර ලෝක ඕසෝන් දිනය සැමරීමේ තේමාවයි.