පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 2023/24 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර ARC සම්මාන උළෙලේදී සම්මාන රැසක් OR පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ජාත්‍යන්තර ARC සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම ලෙස කිරුළු පළඳියි


ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පසුගියදා පැවති ARC සම්මාන උළෙලේදී
සිය 2023/24 වාර්ෂික වාර්තාව වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන කිහිපයකින් පිදුම්
ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ඇමරිකා
එක්සත් ජනපදයේ Mercomm Inc. මගිනි.
“Great Partnerships” යන තේමාව යටතේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
මගින් ප්‍රකාශයට පත්කරන ලද මෙම වාර්ෂිකව වාර්තාව, සමාගමක විවිධ අංශ
එහි සමස්ත වටිනාකමට දායක වන ආකාරය ආකර්ෂණීය ලෙස පැහැදිලි කරයි.
එමෙන්ම මෙම තේමාව, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ එහි
සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරන ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන
කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අතර පවතින හවුල්කාරීත්වය වැනි
ඵලදායී හවුල්කාරීත්වයන් සංකේතවත් කරන තේමාවක් ලෙසද හැඳින්විය හැකි
වේ.
මෙම සම්මාන උළෙලේදී “Financial Services: General Category” යන කාණ්ඩය
යටතේ රන් සම්මාන 5 කින් පිදුම් ලැබීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
සමත් වූ අතර, ඒ අනුව එම සමාගම මෙවර ARC සම්මාන උළෙලේදී වැඩිම
සම්මාන ගණනකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික සමාගම බවට පත් විය. මූල්‍ය දත්ත,
සභාපතිගේ ලිපිය, අභ්‍යන්තර අලංකරණය, සාම්ප්‍රදායික නොවන වාර්ෂික
වාර්තාව සහ ලිඛිත පෙළ යන අංශ සඳහා මෙම සම්මාන හිමි විය. මීට අමතරව
මෙම වාර්ෂික වාර්තාවට ‘Infographics’ සඳහා රිදී සම්මානයක්ද, මුද්‍රණය හා
නිෂ්පාදනය සඳහා ලෝකඩ සම්මානයක්ද හිමි විය.
එපමණක් නොව ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම වසරේ ARC සම්මාන උළෙලේදී
“Best of Sri Lanka” සහ “Best of Category – Financial Data” යන කාණ්ඩ යටතේ
‘Grand Awards’ සම්මාන දෙකක් හිමිකර ගැනීමටද පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්
පීඑල්සී සමාගමට හැකියාව ලැබිණි. මෙම ගෞරවයද ශ්‍රී ලාංකික සමාගමක්
වෙත හිමි වූයේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි. සියලු කාණ්ඩ අතරින් ඉහළම
සම්මාන දිනාගන්නා වාර්ෂික වාර්තාවලට පමණක් හිමි වන මෙම Grand Awards
හිමි වීම, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ලැබූ සුවිශේෂී
ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම සම්මානවල වැදගත්කම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්
පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා මෙසේ අදහස් පළකළේ
ය. “මෙය අපට සැබැවින්ම ගෞරවණීය හා අර්ථාන්විත ජයග්‍රහණයක් ලෙස
හැඳින්වීමට පුළුවන්. වසර 7 කට පසුව නැවතත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම
සමාගම ලෙස ඇගයීමට ලක්වීම මෙන්ම Grand Awards කාණ්ඩයේ සම්මාන
දෙකක් දිනාගත් එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත්වීම, මූල්‍ය තොරතුරු
වාර්තාකරණයේදී ඉහළම ප්‍රමිතීන් පවත්වාගැනීම සඳහා අප දක්වන කැපවීමට
සාක්ෂි දරනවා. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යනු සෑම විටම තම
ව්‍යාපාරික හවුල්කරුවන්ට වඩාත් නිවැරදි හා පරිපූර්ණ තොරතුරු පැහැදිලිව හා
විනිවිදභාවයෙන් යුතුව ලබාදීම සඳහා කැප වී සිටින සමාගමක්.”
‘ලොව වාර්ෂික වාර්තා අතර ඇකඩමි සම්මාන උළෙල’ යනුවෙන් හැඳින්වෙන ARC
සම්මාන උළෙල මූල්‍ය වාර්තාකරණයේ ගෝලීය පරමාදර්ශයක් ලෙස සැලකේ.
මෙවර එම සම්මාන උළෙලට රටවල් 32 කින් වාර්ෂික වාර්තා 1,550 කට අධික
සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබිණි. ඒ අතරින් මෙතරම් සම්මාන ගණනක් හිමි වීම,
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මූල්‍ය වාර්තාකරණයේ
විශිෂ්ටත්වයට සාක්ෂි දරයි.
“මෙම සම්මාන අප වෙත හිමි වීම අපට මහත් සතුටක්. වාර්ෂික වාර්තා පිළියෙල
කිරීමේදී අප මොනතරම් වෙහෙසක් දරනවාද යන්න මෙම සම්මාන මගින්
මැනැවින් පැහැදිලි වනවා. අප සෑම විටම උත්සාහ කරන්නේ ජාත්‍යන්තර
ප්‍රමිතීන්ටත් වඩා ඉහළ මට්ටමක පවතින වාර්තා ප්‍රකාශයට පත්කිරීමටයි.
ඉදිරියේදී ඒකාබද්ධ වාර්තාකරණයේ නිම්වළලු තවදුරටත් පුළුල් කිරීමට අප
සූදානම්.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක
නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා පැවසී ය.
“මෙම සම්මාන අප වෙත හිමි වීම අප ලැබූ විශාල ගෞරවයක්. මේ ඓතිහාසික
ජයග්‍රහණය මගින් අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගේ උනන්දුව හා
කැපවීම මැනැවින් පිළිබිඹු වනවා. එමෙන්ම මෙම වාර්ෂික වාර්තාව සැලසුම්
කිරීමේදී ලබාදුන් සුවිශාල දායකත්වය වෙනුවෙන් අප Emagewise (පුද්.) සමාගමට
ස්තූතිවන්ත වනවා. ඔවුන් ඉටුකළ ප්‍රශංසනීය කාර්යභාරය නිසා අපගේ දැක්ම
යථාර්ථයක් බවට පත්කිරීම පහසු වුණා.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ඔමල් සුමනසිරි මහතා පැවසී ය.
ලොව පුරා සමාගම්, පෞද්ගලික ආයතන, රජයේ ආයතන සහ ලාභ නොලබන
සංවිධාන ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් සමාගම්, ආයතන හා සංවිධාන
රාශියක් ARC සම්මාන උළෙල සඳහා තම වාර්ෂික වාර්තා ඉදිරිපත් කරයි.
ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින්, අයදුම්කරුවන්ගේ ප්‍රමාණය හෝ ආදායම්
තත්ත්වය ආදිය නොසලකා, නිර්මාණශීලීත්වය, සුපැහැදිලිතාව, කාර්යක්ෂමතාව

සහ නවෝත්පාදනය ඇතුළු සාධක රාශියක් සැලකිල්ලට ගනිමින් ජයග්‍රාහකයන්
තෝරාගනු ලබයි.
මීට පෙරද අවස්ථා කිහිපයකදී ARC සම්මාන හිමිකර ගැනීමට පීපල්ස් ලීසිං
ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමත් විය. “Multi-Dimensional” යන තේමාව
යටතේ සමාගම විසින් ප්‍රකාශයට පත්කරන ලද 2022/23 වාර්ෂික වාර්තාවට ARC
සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් සමග Infographics සඳහා Grand Awards
කාණ්ඩයේ සම්මානයක් හිමි විය. මීට අමතරව වෙනත් සම්මාන උළෙල
කිහිපයකදීම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වාර්ෂික වාර්තා
ඇගයීමට ලක් වී තිබේ. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී
සංගමය සංවිධානය කරන ‘Excellence in Integrated Reporting Awards’ සම්මාන
උළෙල, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමය සංවිධානය කරන TAGS සම්මාන
උළෙල සහ SAFA සම්මාන උළෙල ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පිළිබඳව
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යනු මෙරට බලපත්‍රලාභී, බැංකු නොවන
මුදල් ආයතනයකි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන මූල්‍ය
විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් එම සමාගම විශාල කීර්තියක් දිනා සිටී.
ශක්තිමත් පදනමක්, පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුවක් සහ
විශිෂ්ටත්වය උදෙසා නොසැලෙන කැපවීමක් සහිත පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්
පීඑල්සී, මේ වනවිට මුදල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියටම පැමිණීමට
සමත් වී ඇත. මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ්
ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලාංකිකයන්ගේ දියුණුවට හා සෞභාග්‍යට උරදෙන
විශ්වසනීය හා ගෞරවණීය මුදල් සේවා සපයන්නෙකු ලෙස සැලකේ.