පීපල්ස් ලීසිං කාන්තා දින සැමරුම



ශ්‍රී ලංකාවේ බැංක නොවන පමුඛතම මූල්‍ය ආයතනය වන ජිපල්ස් ලීසිං සමාගමේ ක්‍රීඩා හා සේවක සුභසාධක සංගමය 2025 මාර්තු 8 දිනට යෙදන පාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි.


සම්මන්තණයේ සම්පත් දායිකාව ලෙස කොළඹ ජාතික රෝහලේ සායනික පෝෂණය පිළිබඳ ජේෂ්ඨ රෙජිස්ටාර් වෛද්‍ය චතුරිකා බාලසූරිය මහත්මිය සහභාගී වූ අතර ඇය විසින් කාර්ය බහුල, කාන්තාවන් සෞඛ්‍යමත් ජීවිතයක් ගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනවත් කෙරුණි.


එම සමන්තණයට එකව ජීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා කාන්තාවන් තම වෘත්තීය ජීවිතය හා පවුල් ජීවිතය සමබරව ගෙනයාම ඇගැයීමට ලක් කළ අතර කාන්තා ශ්‍රම බලකාය ආයතනය තුල ගොඩනැංවීමේ වටිනාකම පිළිබඳව තම අදහස් පල කළේය.


කාන්තාවන් හට සමානාත්මතාවයෙන් යුතුව සැලකීම හා ඔවුන් දිරිමත්කිරීම සදාචාරාත්මක වගකීමක් පමණක් නොව සාක්‍ෂරතත්වයේ හා නවොත්පාදනයේ මුලික අඩිතාලම බවත් ජීපල්ස් ලීසිං සමාගමේ කාන්තාවන්ගේ කැපවීම කාන්තා දිනයෙදී පමණක් නොව සැමදා අගය කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙහි දී සමාගමේ කාන්තාවන් ගේ සෙවය අගයමින් ඔවුනට සවෂේශී ත්‍යාග ද ප්‍රදානය කළේය.

ජීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමානකාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා සහ කොළඹ ජාතික රෝහලේ සායනික පෝෂණය පිළිබඳ ජේෂ්ඨ රෙජිස්ටාර් වෛද්‍ය චතුරිකා බාලසූරිය මහත්මිය සම්මන්තණයට එකක්වූ පිරිස අමතමින්.