පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී නව ශාඛාව පුදුකුඩියිරුප්පු හිදී විවෘත වේ


ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුදල් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි නවතම ශාඛාව 2024 ජූලි 12 දින පුදුකුඩියිරුප්පු ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙම නව ශාඛාව අංක 10, මුලතිවු පාර, පුදුකුඩියිරුප්පු යන ස්ථානයෙහි විවෘත කරන ලදි.මෙම ශාඛාව මගින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට එම ප්‍රදේශයේ ජනතාවට හැකියාව ලැබෙනු ඇත.


මේ වනවිට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම උතුරු පළාතේ ස්ථාන 8 ක, එනම් කොඩිකාමම්, කිලිනොච්චි, චුන්නාකම්, යාපනය, වවුනියාව, මන්නාරම, නෙල්ලිඅඩි සහ පුදුකුඩියිරුප්පු යන ස්ථානවල ශාඛා පිහිටුවා තිබේ. පුදුකුඩියිරුප්පු ශාඛාව විවෘත කිරීමට සමගාමීව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ප්‍රජා සත්කාරයක් වශයෙන් මුල්ලිවයික්කාල් කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් 50 දෙනෙකුට පාවහන් සඳහා තෑගි වවුචර් ප්‍රදානය කරන ලදි.


නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් එහි සභාපති ප්‍රදීප් අමිර්තනායගම්, ප්‍රධාන විධායක නිලධාරී උදේශ් ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ශාඛා ජාලය) මුතුලිංගම් කිරුපාකරන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම හා සන්නිවේදන) රජීව් ඩේවිඩ් සහ පුදුකුඩියිරුප්පු ශාඛාවේ කළමනාකරු රත්නසිංහම් කමල්රාජ් යන මහත්වරුන් මෙන්ම තවත් විශේෂ ආරාධිතයන්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ ගනුදෙනුකරුවන් පිරිසක්ද එම අවස්ථාවට සහභාගී විය.


“නව ශාඛාව විවෘත කිරීමත් සමගම අපගේ ශාඛා 110 ක් දිවයින පුරා ව්‍යාප්ත වී ඇත. පුදුකුඩියිරුප්පු යනු උතුරු පළාතේ වේගයෙන් දියුණු වෙමින් පවතින ආර්ථික කේන්ද්‍රයක්. අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාමට කැමති ජනතාවක් මෙහි ජීවත් වෙනවා. ඔවුන්ට අපගේ ලීසිං, රන් ණය සේවා, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් සහ සෝලාර් ලීසිං ඇතුළු මූල්‍ය සේවාවන් රාශියක් ලබාගැනීමට අවස්ථාව සලසා දීම අපගේ ඉලක්කයයි. පුදුකුඩියිරුප්පු ප්‍රදේශයේ ශාඛාවක් විවෘත කිරීම සඳහා ගන්නා ලද තීරණය, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට අරමුණු සපුරාගැනීමට අත්වැලක් වීම සඳහා අප දරන උත්සාහය මැනැවින් නිරූපණය වේ. නව ශාඛාව වෙත පැමිණ, අප පිරිනමන විශිෂ්ට සේවාවන්, තරගකාරී අනුපාත සහ අනෙකුත් ප්‍රතිලාභ හිමිකර ගන්නා මෙන් මා ප්‍රදේශවාසී ජනතාවට ආරාධනා කර සිටිනවා.

” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උදේශ් ගුණවර්ධන මහතා පැවසී ය. “අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනාට තිරසාර දියුණුවකට අවස්ථාව උදාකර කර දීම අපගේ ඉලක්කයයි. එම ඉලක්කය ළඟා කරගැනීමේ උත්සාහය යටතේ මේ ආකාරයට පුදුකුඩියිරුප්පු ප්‍රදේශයේ ශාඛාවක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. නව ශාඛාවත් සමග උතුරු පළාතේ අප පිහිටුවා ඇති ශාඛා සංඛ්‍යාව 8 ක් බවට පත් වී තිබෙනවා. මෙය අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීම සඳහා අප දරන නිරන්තර උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසී ය.


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යනු මෙරට බලපත්‍රලාභී, බැංකු නොවන මුදල් ආයතනයකි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන මූල්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් එම සමාගම විශාල කීර්තියක් දිනා සිටී. ශක්තිමත් පදනමක්, පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුවක් සහ විශිෂ්ටත්වය උදෙසා නොසැලෙන කැපවීමක් සහිත පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, මේ වනවිට මුදල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියටම පැමිණීමට සමත් වී ඇත. මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ශ්‍රී ලාංකිකයන්ගේ දියුණුවට හා සෞභාග්‍යට උරදෙන විශ්වාසනීය හා ගෞරවණීය මුදල් සේවා සපයන්නෙකු ලෙස සැලකේ.

ඡායාරූපය: පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් (වමේ), ප්‍රධාන විධායක නිලධාරී උදේශ් ගුණවර්ධන (මැද) සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ශාඛා ජාලය) මුතුලිංගම් කිරුපාකරන් යන මහත්වරුන් විසින් නව පුදුකුඩියිරුප්පු ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කළ අවස්ථාව