තිරසාරත්වය

තිරසාර සංකල්පය අනුව යමින් අපගේ ව්‍යාපාරය අනාගත පරපුරේ හෙට දවස සුරක‍ෂිිත කරනු සඳහා වර්තමානයේදී පවතින සම්පත් කාර්යක්ෂමව සහ අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරමින් සිදු කරනු ලබයි. වගකීම්සහගත මූල්‍ය සේවා හරහා අපගේ වටිනා ගණුදෙනුකාරභවතුන් ඇතුලූ පාර්ශවකරුවන් මෙන්ම ශ්‍රී ලාංකීය ආර්ථීකයේ අභිවෘද්ධිය සැලසීම අපගේ උපායමාර්ගික අරමුණු අතර වේ.

අපගේ භූමිකාව හඳුනා ගැනීම

දිනෙන් දින ඉහළ යන ජනගහණයත්, අධි පරිභෝජන රටාවත් නිසා ස්වාභාවික සම්පත් ක්ෂය වීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ විරැකියාව යනාදී ආර්ථීක, සමාජීය සහ පාරිසරික ගැටළු රැසකට අද වනවිට මුලූ ලොවම මුහුණ පා සිටියි. මේ තත්ත්වය මනාව වටහාගෙන ඇති අප සමාගම, වගකීම්සහගත මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස රට තුළ ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම තුළින් පවතින ආදායම් විෂමතාවය අඩු කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.

තිරසාර ප‍්‍රවේෂය

අප තිරසාරත්වය දකින්නේ අපගේ ව්‍යාපාරයේ දියුණුව සලසන ක‍්‍රමෝපායික අවස්ථාවක් ලෙසයි. සැමවිටම එකම කණ්ඩායමක් ලෙසින් මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ දශක දෙකකට වඩා ඉහළ විශේෂ ප‍්‍රාගුණ්‍ය සමගින් ශ‍්‍රී ලංකාව තුළ පුද්ගල, ව්‍යාපාර සහ සමාජයේ ඉදිරි දියුණුව සහ සංවර්ධනය සඳහා දායකත්වය අප විසින් ලබා දෙන්නෙමු. වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් වගකීම්සහගත ලෙස ආදායම් ජනනය පිළිබඳව අප සැලකිලිමත් වන්නෙමු. තිරසාර ප‍්‍රතිපත්ති සහ ක‍්‍රමවත් ක‍්‍රියාවලි තුළින් අප සැම විටම අපගේ ව්‍යාපාර කටයුතු ආචාරධර්ම සුරැුකෙන ලෙස හා වගකීම්සහගත ලෙස සිදු කිරීමට වග බලා ගන්නෙමු. - එ්. එස්. ඉබ‍්‍රහිම්, ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී

පාර්ශවකරු සබැඳියාව

රට පුරා විහිදි ශාඛා ජාලය හරහා මූල්‍ය සඳහා ප්‍රවේශය මෙන්ම මූල්‍ය විසඳුම් ශ්‍රී ලංකාවාසීන්ට සලසා දෙන අප හැමවිටම අපගේ වටිනා පාර්ශ්‍යවකරුවන්ගේ අවශ්‍යතා වලට නිරතුරු සවන් යොමන්නෙමු. ඔවුන් සමග අපගේ සබැඳියාව පවත්වා ගැනීම තුළින් කාර්යයමණ්ඩලය මෙන්ම, ගණුදෙනුකාරභවතුන්, කොටස්කරුවන්, ආයෝජකයින්, ව්‍යාපාර හවුල්කරුවන් හා ප්‍රජාව සමඟ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරගනිමින් ඔවුන්ගේ අභිවෘර්ධිය සඳහා අප කටයුතු කරන්නෙමු .

ආචාරහර පද්ධතීන් හා විනිවිදභාවය

අප ව්‍යාපාර කටයුතුවල නිරත වන්නේ රට තුළ බලපවතින නීති රෙගුලාසි වලට අනුගත වෙමින් ආචාරහර පද්ධතීන් රැකෙනා ආකාරයෙන් සහ පූර්ණ විනිවිදභාවයකින් යුක්තවයි.

තිරසාර සංවර්ධන ඉලක්ක

ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් 169 ක දායකත්වයෙන් වසර 2030දී සාක්ෂාත් කිරීමට සැරසෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා පීපල්ස් ලීසිං සමාගම විසින් අප සතු ව්‍යාපාර ණය යොදවමින් තිරසාර අනාගතයක් සහිත ලොවක් උදා කර දීමට දායකත්වය ලබාදෙයි.

ගණුදෙනුකාරභවතුන්

අපගේ කාර්යයමණ්ඩලය

සමාජ වගකීම

පාරිසරික වගකීම