පුවත්
- පීපල්ස් ලීසිං සමාගම විශිෂ්ඨතම ආයතනික පුරවැසියකු ලෙස පිදුම් ලබයි!
- දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ප්‍රථම රන් පදක්කම හිමි කරගත් රනුක ප්‍රභාත් වෙත උණුසුම් සුබ පැතුම්!
- පීපල්ස් ලීසිං මීගමුව සේවා මධ්‍යස්ථානය වැඩි පහසුකම් සහිත නව පරිශ්රයක විවෘත කරයි.
- පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව, ගෞරවනීය ARC Awards ජාත්‍යන්තර සම්මාන 8කින් පිදුම් ලබයි
- පීපල්ස් ලීසිං සමාගම කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහල වෙත ‘ඩිජිටල් එක්ස් කිරණ’ විසදුමක් පරිත්‍යාග කරයි
- 'පීපල්ස් ලීසිං පෙට්‍රල් පෙරළිය' වැඩසටහනේ පළමු මස ජයග්‍රාහකයන් 25 තෝරා ගැනේ
- දිවයින පුරා ක්‍රියාත්මක කළ 'හිමි තැන පළමු තැන රට හැමතැන' අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවෙයි
- ලීසිං ක්ෂේත්රයේ නවතම පෙරලිය, නොමිලේ පෙට්‍රල් පිරිනමන 'පීපල්ස් ලීසිං පෙට්‍රල් පෙරලිය'
- පීපල්ස් ලීසිං සමාගම Brand Finance Sri Lanka Index 2019 හි ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ව
- පීපල්ස් ලීසිං සමාගම, මන්නාරමේ සිට තංගල්ල දක්වා මුහුදුබඩ ප්‍රදේශයේ වෙරළබඩ ශාඛ 5500ක් රෝපණය කරයි
- පීපල්ස් ලීසිං මහරගම ශාඛාවේ අනුග්‍රහයෙන් විශේෂ වෛද්‍ය සායනයක් හා ජංගම සේවා වැඩසටහනක් පවත්වයි.
- පීපල්ස් ලීසිං සමාගම, 'සෙනෙහස' ගිණුමට සෙනෙහස යාළු තෑගි වැඩසටහනක් එක් කරයිි.
- පීපල්ස් ලීසිං නෙළුව ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ්රයක විවෘත කරයි.
- පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රවර්ධන හා ප්‍රචාරණ සහකරු ලෙස ජනපි‍්‍රය සිනමා හා ටෙලි නාට්‍ය නළු හේමාල් රණසිංහ
- ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන් (CMA) විසින් සංවිධානය කරන ලද වාර්තාකරණ සම්මාන 2018
- පීපල්ස් ලීසිං වව්නියාව ශාඛාව "දිවි දිරිය" වැඩසටහන පවත්වයි.
- පීපල්ස් ලීසිං තංගල්ල ශාඛාව ඉතිරිකිරීම පිළිබඳ පූර්ව දැනුවත්කිරීමේ වැඩසටහනක් පවත්වයි.
- පීපල්ස් ලීසිං අම්පාර ශාඛාව ගුරුපුහුණු වැඩසටහනකට දායකත්වය දක්වයි.
- SLITAD ජනතා සංවර්ධන විශිෂ්ටතා සම්මානය 2016/17
- 2017 ආසියා ශාන්තිකර ICT එලායන්ස් සම්මාන උළෙලේදී පී එල් සි ය රනින් පිදුම් ලබයි.
- පී එල් සී විශීෂ්ටතම සන්නමයන් අතරට
- බිස්නස් ටුඩේ සඟරාවේ 'විශීෂ්ටතම 30' අතරේ 15 වැන්නා ලෙස පී එල් සී ය තේරේ
- People's Leasing වඩාත් ගෞරවාදරයට පත් ආයතනයක් ලෙස 2017 වසරේ දී බහුමානයට පී එල් සි ය ලක්වේ.
- 53 වන වතාවට පැවති ශී‍්‍ර ලංකා වාර්ෂික වාර්ථා උළෙලේදී පී එල් සි ය සම්මාන 4 ක් දිනාගැනීමට සමත්විය
- ශි‍්‍ර ලංකාවේ විශිෂ්ටතම සංස්ථානික පුරවැසියන් අතරට
- ශී‍්‍ර ලංකාවේ හොඳම වාර්ෂික වාර්ථාව සඳහා වූ විෂිශ්ටතම සම්මානය
- හොඳම ජාතික මෘදුකාංග සම්මාන උළෙල 2017 හිදි සම්මාන ද්විත්වයකින් පී එල් සි ය පිදුම් ලබයි.
පීපල්ස් ලීසිං මහරගම ශාඛාවේ අනුග්‍රහයෙන් විශේෂ වෛද්‍ය සායනයක් හා ජංගම සේවා වැඩසටහනක් පවත්වයි.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මහරගම ශාඛාව මහරගම පොලිස් ස්ථානය සමඟ එක්ව විශේෂ වෛද්‍ය සායනයක් හා බහුවිධ ජංගම සේවා වැඩසටහනක් පසුගියදා මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වනු ලැබීය. බටහිර වෛද්‍ය සායනයක්, නාවින්න ආයූර්වේද දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවෙන් දේශීය වෛද්‍ය සායනයක්, දන්ත රෝග සායනයක්, පවුල් සංවිධාන සංගමයෙහි සහයෝගීතාවෙන් පියයුරු හා ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කෙරෙන සුවනාරී සායනයක්, ඇස් පරීක්ෂාව හා හෝමාගම සිංහ සමාජයේ අනුග්‍රහයෙන් ඇස් කන්නාඩි ප්‍රදානයක්, තලවතුගොඩ හේමාස් රෝහලේ සහයෝගීතාවෙන් දියවැඩියා රෝග පරීක්ෂාවක්, වකුගඩු රෝග වෛද්‍ය සායනයක්, වකුගඩු රෝගය පිළිබඳ දැනුවත්කිරීමේ දේශනයක්, මරණයෙන් පසු වකුගඩු දන්දීමේ කැමැත්ත පලකිරීමේ කාඩ්පත් ප්‍රදානයක් හා මහරගම නගරය, මහරගම බටහිර, පන්නිපිටිය උතුර හා දකුණ, ගොඩිගමුව උතුර හා දකුණ යන ග්‍රාමසේවා වසම් හි පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත් හා වැඩිහිටි හැඳුනුම්පත් සැකසීමේ වැඩසටහනක්ද පැවැත්විණ. එයට අමතරව මෙම වැඩසටහනට සහභාගීවන්නන්ගේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ට තැන්පතුවක් සහිත "සෙනෙහස්" ඉතුරුම් ගිණුම් ප්රදානය කිරීමක්ද සිදුවිය.
මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජිව බණ්ඩාරනායක, ප්‍රධාන කළමනාකාරිනි, පි‍්‍රයංකා විමලසේන, මහරගම පොලිස් ස්ථානාධිපති, පී. එස්. මීඩින් හා හෝමාගම සිංහ සමාජයේ සභාපතිනි, ජනිතා සඳසිංහ යන මහත්ම මහත්මීහූ සහභාගී වූහ.
පීපල්ස් ලීසිං සමාගමේ මහරගම ශාඛාවේ අනුග්‍රාහකත්වයෙන් පැවත්වුණු විශේෂ වෛද්‍ය සායනයක් හා බහුවිධ ජංගම සේවා වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ මහරගම පීපල්ස් ලීසිං කළමනාකරු, සුගත් ජයසූරිය මහතා පැවසුවේ, "ජනහදවතට වඩාත් සමීප මූල්‍ය සමාගමක් ලෙස මහරගම පීපල්ස් ලීසිං ශාඛාව ප්‍රදේශයේ ජන ජීවිතය වඩාත් යහපත් කරන සමාජ සත්කාරක වැඩසටහන් රැසකට දායකත්වය සපයනවා. මහරගම පොලිස් ස්ථානයේ සහයෝගීතාවෙන් පැවැත්වුණු මෙම වෛද්‍ය සායන හා බහුවිධ ව්‍යාපෘතිය එම සමාජ සත්කාරක වැඩසටහන්වල එක් අවස්ථාවක්. ප්‍රදේශවාසීන් දහස් ගණනක් එක්රැස්වන වෛද්‍ය සායන කිහිපයක් හා බහුවිධ ව්‍යාපෘති කිහිපයක් එක් දිනයක එකවර පැවැත්වීම අසීරු කාරණයක් මෙන්ම බොහෝ අභියෝගාත්මක වූවක්. නමුත් මහරගම පොලිස් ස්ථානයේ දැඩි සහයෝගය හා පීපල්ස් ලීසිං මහරගම ශාඛාවෙහි කාර්ය මණ්ඩලයෙහි දැඩි කැපවීම මත මෙම ස්වේච්ජා වැඩසටහන බොහෝ සාර්ථකත්වයට පත්වූවා. එහෙයින් මෙම සමාජ සත්කාරය සාර්ථක කරගැනුමට සහාය දැක්වූ සැමට කෘතවේදීත්වය පළකිරීම මගේ යුතුකමක් සේ සළකනවා" යන්නය.
ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2018 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය.
පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස්, ලන්කන් එලයන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.
දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.
වෛද්‍ය සායනයට සහභාගි වූවන් ලියාපදිංචි කිරීම.
මහරගම පොලිස් ස්ථානාධිපති, පී. එස්. මීඩින් මහතා සභාව අමතමින්.
පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජිව බණ්ඩාරනායක මහතා විසින් නොමිලේ ඇස් කන්නාඩියකක් ලබාදීම.
පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කළමනාකාරීනි, ප්‍රියංකා විමලසේන මහත්මිය විසින් නොමිලේ ඇස් කන්නාඩියක් ලබාදීම.