සේවා ස්ථානය

පී එල් සී හි සේවාදායෙකු වීම

අපගේ මානව හිමිකම් ප‍්‍රතිපත්තියේ පිහිටා මානව හිමිකම් ගරුකරමින් අපහට සේවය සලසන සැමටම අපි සාධාරණය ඉටු කරන්නෙමු. එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශයට ගරු කරණ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පනවා ඇති ප‍්‍රමිති තත්වයන්ට අනුගතව එහි සඳහන් යහපත් කම්කරු කි‍්‍රයාපටිපාටින් හා මානව හිමිකම් කි‍්‍රයාකාරීත්වයන් කි‍්‍රයාවට නංවන්නෙමු. එසේම බලහත්කාර හා අනිවාර්ය සේවය , අවම වැටුප, වැඩ කාලය, ළමා සේවය, විෂම සැලකිල්ල , වංචා , හිංසනය ආදී කරුණූ කෙරෙහිද අපගේ අවධානය යොමුව තිබේ.

අප ආයතනයේ සංස්කෘතිය වී ඇත්තේ කෞශල්‍යය ඔප් නැංවීම සඳහා වැඩ පරිසරය සැකසීමයි.

අපගේ සේවාදායකයින් වටහාගත් කාරණාවක් වනුයේ ඔවුනගේ කි‍්‍රයාකලාපයන් ආයතනයේ කාර්යසාධනය කෙරෙහි බලපාන්නක් බවයි.

එසේම ආයතනය තුළ වූ සංස්කෘතික විවිධත්වය, අගයකොට ගරුකොට සැළකීම අප සතු ශක්තියකි. පී එල් සී හි මානව සම්පත් ප‍්‍රතිපත්තිය වී ඇත්තේ ආයතනයේ මෙහෙවර, දැක්ම හා අරමුණූ වෙනුවෙන් ඇප කැපවන අය තොරා, පුහුණු කොට, දිරිගන්වා, අඛණ්ඩ සේවා නියුක්තියය සලස්වා ඔහුන් හට උචිත ප‍්‍රදානයන් සිදුකිරීමයි. ආයතනයේ ඉලක්කයන් ඉෂ්ට සිද්ධකරණු සඳහා අපගේ සෑම සියලූ සේවාදායකයෙකුම ඊට අනුකූලවන පරිද්දෙන් පෙලගස්වා සිටියි.

 

සාධාරණත්වය හා විවිධත්වය අපගේ සේවා ප‍්‍රතිපත්තිය වේ

විෂමාකාරයෙන් සැලකීම වැඩ පරිසරයෙන් තුරන්කිරීම තුළින් වඩාත් ඵලදායී මෙන්ම යහපත් කාර්ය සාධනයක් ලබාගතහැකි වන වග පී එල් සී විශ්වාස කරන්නකි. එමෙන්ම ඒ තුළින් කුසලතාවයන් ද ඔප්නැංවීමට හැකිවනවා. එම නිසා කුලය , ලිංගභේදය , ආගම , ආබාදිත තත්ත්වය, වයස මේ ආදි කුමන හේතුවක් නිසාවෙන් වෙනස්ව සැලකීම අප තරයේ ප‍්‍රතික්ෂේප කරන්නෙමු. අපගේ ශාඛා කළමනාකාරිත්වය හා කළාප ප‍්‍රධානීන් මෙන්ම තේරීම් භාරව සිටින්නන් ගේ වගකීම වන්නේ සැමට සාධාරණත්වය සලසා වෙනස්ව සැලකීම සම්පූර්ණයෙන් පිටුදැකීමයි.

එමෙන්ම ආයතනික ප‍්‍රතිපත්තිය වන්නේ මෙසේ අපගේ සේවානියුක්තියන් හට යුක්තිය ඉටුකොට ආයතනයේ උන්නතිය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය හඳුනා, ඇගයීම් කොට කාර්ය සාධනය පදනම්ව උචිත ප‍්‍රදානයක් කාලීනව සිදුකිරීමයි.

 

පී එල් සී හි සේවානියුක්තියෙකු වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම

  • අපොස (ස.පෙළ) පළමු උත්සාහයේ දී ගණිතය හා ඉංගී‍්‍රසි විෂයන් සඳහා සම්මාන සාමාර්ථයක් ලබාසිටීම.
  • අපොස (උ.පෙළ) සාමාන්‍ය සාමාර්ථයන් 3ක් සහිතව සමත්ව තිබීම අනිවාර්ය වේ.
  • අමතරව ක්‍ෂේත‍්‍ර පළපුරුද්ද වෘත්තිය සුදුසුකම හා ඉංගී‍්‍රසි කථනය හා ලිවීම සළකාබලනු ලැබේ.

 

කාර්ය සාධනය මත පදනම් සේවා සංස්කෘතිය

ඵලදායිතාවය හා කාර්යක්‍ෂමතාවය ඔප්නංවනු සඳහා සංවර්ධිත වූ ප‍්‍රතිලාභ පිරිනමන සැලසුම් පී එල් සි යට ඇත. ස්ථාවර වේතන රටා සේවානියුක්තියන් දිරිගන්වන්නක් නොවන වග අපගේ අදහසයිි. ඉහල වැටුප් සලසන සේවායෝජකයෙකු ලෙස පී එල් සී ය නම් දරා සිටියි.

ශ්‍රී ලංකා කම්කරු නීති අනුව සේවකයින් සතියකට පැය 45 ක් සේවය කල යුතුයි. පීඑල්සී හි මෙය පැය 8ක සතියේ 5කින් සහ සෙනසුරාදා පැය 5කින් සමන්විත වෙයි.

අපි අපගේ කාර්ය මණ්ඩලය සවිබල ගන්වන්නෙමු

කාර්යය මණ්ඩලය වෙත අපි සවන් යොමන්නෙමු
කාර්යයමණ්ඩලයේ විවිධත්වයෙන් අපි පන්නරය ලබන්නෙමු
කාර්යයමණ්ඩලය අපි අගයන්නෙමු. ඔවුන් වෙත ප්‍රතිලාභ ලබා දෙන්නෙමු
කාර්යයමණ්ඩලයේ වෘත්තීය දිවිය හා පුද්ගල ජීවිතය අතර ඇති සමබරතාව අපි රකින්නෙමු
කාර්යයමණ්ඩලයේ සෞඛ්‍යාරක‍ෂාව සහ යහ පැවැත්ම වෙනුවෙන් අපි කැපවන්නෙමු