සබ්රි ඊබ්‍රහිම් මහතා, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී ලෙස පත්වූයේ වසර 2017 ජූලි 01දාය. එයට පෙර ඔහු මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී, සමස්ත බැංකුකරණය (2014 ඔක්තෝබර් සිට 2016 සැප්තැම්බර් දක්වා), ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී, අවදානම් කළමනාකරණය (2007අගෝස්තු සිට 2014 ඔක්තෝබර් දක්වා), හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී, භාණ්ඩාගාර ප්‍රධානී, සමාගම් බැංකුකරණය හා අයකරගැනීම් ප්‍රධානී, ප්‍රධාන හානී නිලධාරී, ප්‍රධාන ණය නිලධාරී (2004 සිට 2007 ජූලි දක්වා) හා ණය හා GSAM ප්‍රධානී, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව (2002 සිට 2004 දක්වා) යන දේශීය හා ජාත්‍යන්තරව ඉතා ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇත්තෙකි.
සමාගම් බැංකුකරණය, භාණ්ඩාගාර කළමනාකරණය හා අවදානම් කළමනාකරණය යන ක්ෂේත්රයන්හි සුවිශේෂී නිපුණත්වයක් දක්වන සබී්ර ඊබ්‍රහිම් මහතා බැංකුකරණය පිළිබඳව වසර 33ක පළපුරුද්දක් හිමිකම් කියන්නෙකි. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් (BSc) හිමි ඔහු බ්‍රිතාන්‍යයේ බැංකුකරුවන්ගේ වරලත් ආයතයෙහි FCIB) සාමාජිකත්වය දරන්නෙකි.
තවද, සබ්රි ඊබ්‍රහිම් මහතා, HNB Securities (පුද්) සමාගම (2005 සිට 2007 දක්වා) හා Peoples Merchant Bank PLC හි (2009 සිට 2011 දක්වා) අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත. වර්තමානයේ ඔහු Peoples Insurance PLC සමාගමේ විධායක නොවන හා ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස හා Peoples Leasing Fleet Management (පුද්) සමාගම හා Peoples Leasing Property Development (පුද්) සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.